FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්ද සළකුණු කිරීමේ සිව්වන දිනය අදයි. 

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල සේවක සේවිකාවන් අද (16) සහ හෙට (17) සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නියමිතයි.

අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට, ලබන 20 සහ 21 යන දෙදින, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලබා ඇති තැපැල් ජන්දදායකින් සංඛ්‍යාව 705,085 කි.