FAST NEWS

24×7 Around the Globe

මාලදිවයිනේ සිටි තවත් ලාංකිකයන් 177 ක් මත්තලට

(ෆාස්ට් නිව්ස් | මත්තල) –  මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (15) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.  

මේ මගීන් අතුරින් වැඩි දෙනෙක් එරට සංචාරක හෝටල් වල රැකියා කළ පිරිසක් බව වාර්තා වෙයි.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව PCR  පරීක්ෂණ සදහා යොමු කෙරුණි.