FAST NEWS

24×7 Around the Globe

මෙතෙක් දිනක වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (14) දිනයේදී ශ්‍රී ලංකාවේදී මේ දක්වා එක් දිනයකදී සිදුකල වැඩිම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව සිදුකර තිබේ.

ඊයේ දිනය තුළ මෙරටදී පී සී ආර් පරීක්ෂණ 2288 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 127,920 දක්වා ඉහළ ගොස් ඇත.