FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට හමුදාවේ මැදිහත්වීමක් නැහැ – හමුදාපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

දළදා මාළිඟාවේ වාර්ෂික ඇසල මංගල්‍ය වෙනුවෙන් යුද හමුදාව සිදුකරන කොප්පරා පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.