FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ පිරිසක් අද පිට වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15) නිරෝධායනය අවසන් කළ 365 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 6කින් පිටත්ව යාමට නියමිතව ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

ඒ අනුව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 21 දෙනෙකු ද, කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙකු ද, දියතලාව මධ්‍යස්ථානයෙන් 137 දෙනෙකු ද, දියතලාව නිවාඩු නිකේත මධ්‍යස්ථානයෙන් 3 දෙනෙකු ද, දියතලාව යුද හමුදා මධ්‍යස්ථානයෙන් 47 දෙනෙකු ද, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 149 දෙනෙකු ද මෙලෙස පිටව යාමට නියමිත බව හමුදා ප්‍රකාශක , බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 58ක තවදුරටත් පුද්ගලයින් 7119 දෙනෙකු නිරෝධායනය වෙමින් පවතී.