FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතය. 

මහමැතිවරණයට අදාල ඉදිරි කටයුතු සාකච්ඡා කිරිම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර , පෙරවරු 10 ට එම සාකච්ඡාව ආරම්භ වන බව බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්. එම්. ටී. හේරත් මහතා කියා සිටියේය.

මේ අතර මෙවර මහමැතිවරණයට අදාලව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3040 දක්වා ඉහලගොස් තිඛෙනවා.

එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ ඒවා බවයි කොමිසම සඳහන් කලේ.