FAST NEWS

24×7 Around the Globe

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර පතා සිටින සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙස ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ ඔවුන් පැය එකහමාරක ප්‍රකාශයක් ලබාදී තිබේ.