FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේය.

ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද ඔහු පැවසුවේ ය.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බව කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇතැයි තුෂාර උපුල්දෙණිය පැවසීය.