FAST NEWS

24×7 Around the Globe

ජෝර්දානයේ සිට පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද (14) අලුයම 4.00ට පමණ ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1506 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියාවලට ගොස් සිටි පිරිස් බව වාර්තා වේ.