FAST NEWS

24×7 Around the Globe

සැකකරුවෙකු 8 වන මහලකින් ඇද වැටී ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මීගමුව) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියෙකු මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට රැගෙන ඒමෙන් පසු එහිදී පැන යාමට තැත් කිරීමේදී 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.  

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා PCR පරීක්ෂාවක් සඳහා රෝහලට රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස පැන යාමට තැත් කර ඇති බවයි.

PCR පරීක්ෂණ වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතයි.