FAST NEWS

24×7 Around the Globe

15,000 කට අධික ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණ අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හී සිරවී සිටි 15,750 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන් කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.   

රටවල් 75 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බව ද ඔහු සඳහන් කරයි.

හෙට (14) සිට දින කිහිපයකට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද කොළඹගේ මහතා වැඩිදුරටත් පවසයි.