FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය.  

ඒ , තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින්  ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලමින්.

නීතිඥ කේ.ධනුක ලක්මාල් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා , අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නීතිපති ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.