FAST NEWS

24×7 Around the Globe

බස් රථ තුළ වෙළෙඳාම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිට ම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම තහනම් කරනු ලැබීය.

මෙවැනි වෙළඳුන් හේතුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යන බැවින් මෙම තීරණය ගෙන තිබේ.