(ෆාස්ට් නිව්ස් |කොළඹ) – සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුල සංචාරණය කර ඇති නිසාය.
මේ නිසා මෙම කාලය තුළ විශේෂයෙන් සමාජය තුළ ගැවසීමේදී සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.
පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් ආසාදිත වූ පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනයකළ හැකි බවද සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.








