FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශ සේවක වැටුප් ඉහළ යන යෝජනාවක් කැබිනට්ටුවට.

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩිකිරීමේ යෝජනාව ඇතුළත් පනත් කෙටුම්පත අනුමැතිය සඳහා අද (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න කියා සිටියේ අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවය.

මෙම යෝජනාවට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දස දහසක් දක්වා වැඩි කිරීමේ යෝජනාවෙක්ද ඇතුළත් වේ.

මීට අමතරව, පෞද්ගලික සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රගතිය සහ එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව අද කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේය..