FAST NEWS

24×7 Around the Globe

බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර ඇත.

සිය ඉල්ලීම්වලට සතියක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් යළි වැඩ වර්ජනය සිදුකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ඊයේ (11) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව නතර කර තිබේ.