FAST NEWS

24×7 Around the Globe

අදත් පළාත් රැසකට තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.