FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) සිට මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ආරම්භ වේ.

ලබන සඳුදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ජූලි 29 වන දිනෙන් අවසන් කිරීමට නියමිතයි.

එදිනට පෙර නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු නිල ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.