FAST NEWS

24×7 Around the Globe

කන්දකාඩුවට කොරෝනා ආ සැටි අනිල් ජාසිංහ කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජා-ඇළ සුදුවැල්ල ප්‍රදේශයෙන් මීට පෙර හඳුනාගත් මත්ද්‍රව්‍ය භාවිත කල වෛරස ආසාධිතයන්ගෙන් කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ට වෛරසය වැළඳී ඇති බවට අනාවරණ වී තිබේ.

මෙය නාවික හමුදා ආසාධිත පොකුර හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේය.

එහෙත් නාවික හමුදා පොකුර මෙන් දීර්ඝ කාලයක් ගතවීමෙන් තොරව එය තුරන් වනු ඇති බවද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අදහස් දැක්වුවේය.

ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බව අනිල් ජාසිංහ අවධාරණය කරයි.

එමෙන්ම හුදකලා ප්‍රදේශ නැවත ඇතිකිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.