FAST NEWS

24×7 Around the Globe

කාළගුණයෙන් රතු නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටින්නේ නැගෙනහිර, උතුරුමැද මධ්‍යම ඌව වයඹ සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවයි. 

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිබව එම නිවේදනයේ සඳහන්.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහ ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසයි.