FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් 20 දෙනෙකු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවගොස් තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 16 දෙනෙකු සහ කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් හතරදෙනෙකුද නිරෝධායනය අවසන් කර සිය නිවෙස් බලා පිටවගිය බවයි.

මෙම පිරිසද ඇතුලුව නිරෝධායනය සාර්ථකව අවසන් කර කල්පිටිය සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවගිය සංඛ්‍යාව 513ක් වන අතර එම මධ්‍යස්ථාන දෙකෙහි පුද්ගලයන් 60 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට යොමුවී සිටියි.