FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතනය සම්බන්ධ DNA පරීක්ෂණය කොණ්ඩයාගේ සොහොයුරා සමග සැසඳෙයි

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තාගේ ඩී.එන්.ඒ. සේයා දැරියගේ ආගන්තුක ඩී.එන්.ඒ. සමග සැසඳෙන බව අධිකරණය අද දැනුම් දුන්නේ ය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජින්ටෙක් ආයතනය විසින් ලබා දුන් ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.