FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ සිට පිරිසක් මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10) පෙරවරුවේ රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බවට තොරතුරු වාර්තා වේ.

මෙම ගුවන් මගීන් පිරිස රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවො ( Domodedovo)සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.1206 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින පස්වරු 11.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.