FAST NEWS

24×7 Around the Globe

විෂබීජ නාශක දියර ජාවාරමක් තලාහේනේදී වටලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‍කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා ඇත.  

මාළඹේ – තලාහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම දියර නිෂ්පාදනය කළ ආයතනය වැටලීමේදී ඒත් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළඳපොලේ විකිණීමට ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා ගෙන මෙම විෂබීජ නාශක සකස් කර ඇති අතර ඒවා කල් ඉකුත් වී ඇති බවට අනාවරණ වී ඇත.

මෙලෙස සොයාගත් විෂබීජ නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් වන අතර , වර්ග 3 කින් විෂබීජ නාශක වෙළඳපොලට නිකුත් කිරීමට ඇසුරුම් කර තිබූ බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.