FAST NEWS

24×7 Around the Globe

කෝටි ගණනක් වංචා කළ විදේශිකයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බම්බලපිටියේදී , කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියක අධික මූල්‍ය වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීයී.

රුපියල් එක් කෝටි හාර ලක්ෂ විසි දෙදහස් පන්සිය තිස්පහක මුදලක් අදාළ ඉන්දීය ජාතිකයා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා වංචා කර ඇත.

අද (09) අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව, පොලීසීය සඳහන් කළේ ය.