FAST NEWS

24×7 Around the Globe

රෝහිත බෝගොල්ලාගම එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. 

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළ බවත් , තමා ඉල්ලා අස්වීමේ ලිපිය ලිඛිතව බාර දුන් බවත් ඒ මහතා සඳහන් කරයි.

රටේ හා ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගත යුතු බවත් පැවසූ බෝගොල්ලාගම මහතා, එවැනි න්‍යායපත්‍රයක් වෙනුවෙන් තමා කැපවෙන බව ද වැඩිදුරටත් පවසා සිටියි.