FAST NEWS

24×7 Around the Globe

කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිවේදනය කරයි.  

ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක හා තාක්ෂණ පීඨවල සිව්වන වසරේ සිසුන්ට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

එම පීඨවල නේවාසිකව සිටින සියලුම සිසුන් ලබන 12 වනදා පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර කාලය තුල නේවාසිකාගාර වෙතට වාර්තා කළ යුතු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.