FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ රුසියානු තානාපති කාර්යාලයට ෂෙල් ප්‍රහාරයක්.

රුසියාව විසින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලට සහාය දක්වමින් සිරියානු රජයේ හිතවාදීන් ඩමස්කස් නුවර රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි මොහොතක තානාපති කාර්යාලය දෙසට ෂෙල් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුත් මියගොස් නොතිබුණත්, පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව බී.බී.සී.ය පවසයි.

එම ෂෙල් ප්‍රහාරයත් සමග තානාපති කාර්යාලය දෙසින් දුම් වළාවක් නැගුණු බවත්, ඒ සමගම රැස්ව සිටි පිරිස් හිස් ලූ ලූ අත දිවගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

රුසියානු විදේශ අමාත්‍යවරයා එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හෙළා දැක තිබේ.