FAST NEWS

24×7 Around the Globe

හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක හිමිකරු එම හෝටලය තුළ දී ඝාතනය කර තිබේ.

මේ වන විට මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අද (07) අලුයම 4ට පමණ මේ පිළිබඳ පොලීසියට වාර්තා වී ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වු අංක 25/2/ඩී, ගුරුගම්මාන පාර, කැස්බෑව ලිපිනයේ පදිංචිකරුවෙකි.

මොහු නිදන ඇඳ මත හිසේ පිටුපස තුවාල සහිතව සිටිය දී හමු වී ඇති අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ද සිද්ධියේ දී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇත.

සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන පිළියන්දල පොලීසිය පවත්වයි.