FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බන්ධනාගාරය තාවකාලිකව අමුත්තන්ට වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ.  

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

අදාළ පුද්ගලයා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙක් බව වාර්තා වෙයි.

මෙම ආසාදිතයා සහ අනෙකුත් ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කරයි.