(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන සිටින ගගන නමැත්තාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන සරත් ඒකනායක නොහොත් මහරගම බුබුලා යන අය අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නිපිටිය නියඳගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී තියුණු ආයුධ කිහිපයක් සහ ගංජා තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ක්‍රිෂාන් නිලංග දාබරේ නොහොත් බැබුන් නමැත්තා හෙරොයින් තොගයක් සමග ඊයේ (06) රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල වැටලීමකදීයි.
26 හැවිරිදි මෙම තැනැත්තා මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති අතර දැනට විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවද සඳහන් වේ.
මොහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.








