FAST NEWS

24×7 Around the Globe

කතරගම ඇසළ මංගල්‍ය මහජන සහභාගීත්වයෙන් තොරයි

(ෆාස්ට් නිව්ස් |කතරගම) –   ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල යේ වාර්ෂික ඇසළ මහෝත්සවය ජුලි මස 21වනදා ආරම්භ වේ.

2248වැනි වරට පැවැත්වෙන මෙම මහෝත්සවය අගෝස්තු මස 04වනදා මැණික් ගගේ දිය කැපීමෙන් අවසන් වීමට නියමිතය.

කොවිඩ් මර්ධනයට සහාය වෙමින් සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශවලට අනුව ආගමික චාරිත්‍රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍ය උත්සවය පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාල සීමාව තුළ පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සදහා සහභාගීවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමි නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම උතුරු කැගෙනමිර සිට ඔකඳ කුමන – යාල වනෝද්‍යානය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සදහා සභාගීවීමට අවශ්‍ය අවසර ලබා නොදීමටත් තීරණය කර තිබේ.