FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කිරීමසම්බන්ධයෙන් පුද්ගලයින් 1018 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඊයේ (05) රාත්‍රී 9.00 සිට අද (06) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන්පුද්ගලයින් 137 දෙනෙකුට හා වෙනත් වැරදි සම්බන්ධයෙන් 3112 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව පොලීසිය පැවසුවේය.

රථ වාහන 137 ක් එම මෙහෙයුමේදී පොලීසිය භාරයට ගෙන තිබේ.