FAST NEWS

24×7 Around the Globe

ඉතියෝපියාවේ සිටි 230 දෙනකු ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතියෝපියාව අවට රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වන අතර , ඔවුන් විශේෂ ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අඩිස් අබාබා නුවර වෙත කැඳවා තිබේ.

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස අද (06) අලුයම 3.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබිණි .

ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු PCR පරීක්ෂණ සදහා යොමුකරනු ලැබීය.