FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී කටවුට් ඉවත් කිරීමට පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයට අදාළව ප්‍රදර්ශණය කර ඇති නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම සඳහා පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක මුදල් ප්‍රතිපාදන හිමිව තිබේ. 

මෙහිදී නීතිවිරෝධී ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට අමතරව, කම්කරුවන් 1,500 කට වැඩි පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් යොදාගැනීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය 03 වනදා මැතිවරණ කොමිසන් සභාවේදී පැවති අතර, ඊට වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද එක්ව සිටියේය.