FAST NEWS

24×7 Around the Globe

ගුවන්තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද සිට වීවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද (06) සිට යළි විවෘත කෙරෙන බව එහි පලානධිකාරිය පවසයි.

අද(06) පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා ගුවන්තොටුපළේ, තීරුබදු රහිත සාප්පු සංකීර්ණය වීවෘත තැබේ.

ඒ අනුව මාර්තු 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා දිවයිනට පැමිණි ගුවන් මගීන් වෙනුවෙන් පමණක් තීරුබදු රහිත සාප්පු සංකීර්ණ අද සිට විවෘත කෙරෙනු ඇත.

මේ සඳහා පැමිණීමට පෙර ගුවන්තොටුපොළ අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු වේ.

මෙලෙස භාණ්ඩ මිල දී ගැනීමට පැමිණීමේදී තමන් නිරෝධානය වු බවට අදාළ මධ්‍යස්ථානයෙන් ලබාදුන් සහතිකය හෝ ස්වයං නිරෝධායනයට ලක්වු බවට වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබාදුන් සහතිකය ද ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

තවද ගුවන් ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්ය වන බව ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කරයි.