FAST NEWS

24×7 Around the Globe

තුන් මසකට පසු විහාරස්ථානවල සීල සමාදාන වැඩසටහන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාස 3 කට අධික කාලයකට පසුව පුර පසළොස්වක පොහොය දිනයේ වෙහෙර විහාරස්ථානවලට පැමිණ පෙහෙවස් සමාදන් වීම ඇතුළු ආගමික කටයුතුවල නිරත වීමේ අවස්ථාව මෙරට බෞද්ධ ජනතාවට අද උතුම් ඇසළ පෝදා අවස්ථාව උදාවිය.

 

කෙසේවෙතත් පසුගිය මස 12 වනදා සිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට හා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආගමික ස්ථානවල සිදු කෙරෙන කටයුතු සඳහා අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදුන්නේය.

 

ඒ අනුව අදට යෙදී ඇති ඇසළ පුන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට පැමිණි බෞද්ධ බැතිමතුන් පෙහෙවස් සමාදන් වීම ඇතුළු ආගමික කටයුතුවල නිරත විය.