FAST NEWS

24×7 Around the Globe

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලද පැමිණිලි මත අදාල වැටලීම් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනාගාරයකින්ම ලබාගත් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ප්‍රමිතියට අනුකූල නොවන ආකාරයෙන් දගර වානේ නිෂ්පාදනය කරන්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.