FAST NEWS

24×7 Around the Globe

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට කැමැත්ත පල කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව යෝජනා කරයි.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරික්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බවත් ඉන් එක වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට දී ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සඳහන් කළේය.