FAST NEWS

24×7 Around the Globe

තරුණයින් දෙදෙනෙකු මා ඔයට බිලි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිරිඋල්ල, යකාබැදිඇල්ල ප්‍රදේශයේදී මා ඔයේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ. 

අද දහවල් 12ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මා ඔයේ දිය නාමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 18ක් වූ තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.