FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටියයේදි පාතාලේ චන්ද්‍රාට වෙඩි තබා ඝාතනය කරයි.

වැල්ලම්පිටිය, වෙලේවත්ත ගෝතමි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ වෙඩිතැබීමෙන් කාලපුල්ලේවත්තේ චන්ද්‍රා නැමැති පාතාල සාමාජිකයෙකු මියගොස් ඇති බවයි.

47 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ තබා ඇත.

වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මකයි.