FAST NEWS

24×7 Around the Globe

යළිත් ප්‍රකාශ සටහන් කරගැනීමක් නොවන බව විශේෂ විමර්ශන ඒකකය පවසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2011 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයට අදාළව මේ වන විට සටහන් කරගනු ලැබූ ප්‍රකාශ ප්‍රමාණවත් බැවින් යළිත් කැඳවීමක් සිදුනොකරන බව ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් වන විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.  

ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් කිසිදු තරඟ පාවාදීමක් සිදුව නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.