FAST NEWS

24×7 Around the Globe

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. 

පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙම කම්හල මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගීත්වයක් නොමැතිව එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

ඒ සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවිය.