FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු අධිකරණ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍යාංශයේ වාහන පහක් තවමත් හොර රහසේම භාවිත කරන බවටයි.

එම වාහන ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම වාහන මෙතෙක් භාරදී නොමැති බවට අධිකරණ අමාත්‍යාංශය ද පිළිගෙන ඇත.

මෙලෙස භාවිත කල නිල වාහන භාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අනුව එම වාහන භාර දීමට වහාම කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.