FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසකට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇත.

පොලිස් මූලස්ථානයේ මීට පෙර රාජකාරී සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජී.කේ.ජේ.අපෝන්සු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව එහි සඳහන්.