FAST NEWS

24×7 Around the Globe

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවේ

(ෆාස්ට් නිව්ස් | හෝමාගම) – අද (02) අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ගිනි අවි සහ පුහුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

එහිදී වායු රයිෆලයක් සහ එම උණ්ඩ 600 ක් , අත්බොම්බ 4 ක් , පිස්තොලයක් , ඩෙටනේටර් 2 ක් , ගල්කටස් වර්ගයේ ගිනි අවියක් , අත්විලංගු ජොඩුවක් සහ ඩී වී ඩී යන්ත්‍ර තුනක් හමුවී ඇත.

ඊයේ (01) රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබා දුන් තොරතුරු මතයි මෙම වැටලීම සිදු කර තිබේ.

හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් අවිආයුධ තොගයට අදාලව අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරි මේ වන විට වැඩිදුර විමර්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.