FAST NEWS

24×7 Around the Globe

වරාය සේවකයන් වර්ජනයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ සවිකිරීමට ගෙන ආ දොඹකර දින 10 ක් තුළ ගොඩබෑම අවසන් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා කියා සිටියේය.  

අදාළ දොඹකර මේ වන විටත් නෞකාවේම පවතින අතර දිනකට නැව් ගාස්තුව ලෙස රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇති බව මහගමගේ මහතා පැවසීය.

ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වී ඇති හෙයින් ඊට අදාළ වරාය ගාස්තුව ගෙවිය යුත්තේ වරාය අධිකාරිය නොව රජය විසින් බවත් , එම මුදල වරාය අධිකාරිය මගින් නොගෙවිය යුතු බවත් රජය හරහා ගෙවිය යුතු බවත් සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය පෙන්වා දෙයි.