(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවක සේවිකාවන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජුලි 13 ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය ජුලි 13 වන දා ලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.








