FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.  

ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි මස 30 වනදා එය යළි කැඳවන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේය.