FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සහ පුද්ගලික අංශ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට නිර්දේශ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට අදාළ යෝජනා, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුව විසින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇත. 

අද (30) පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අදාළ යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව , රාජ්‍ය අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.00 ට ආරම්භ වී පස්වරු 4.45 ට අවසන් කරන ලෙස අදාළ යෝජනාවල දැක්වෙයි.

මීට අමතරව පෞද්ගලික අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.45 සිට 6.45 දක්වා ක්‍රියාත්මක කරන ලෙසට ද අදාළ කමිටුව යෝජනා කර ඇත.